දෛනික වාර්තා වලට වඩා පස් ගුණයක් කොවිඩ් රෝගීන් සමාජයේ ඉන්නවා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

දෛනික වාර්තා වලට වඩා පස් ගුණයක් කොවිඩ් රෝගීන් සමාජයේ ඉන්නවා – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
Spread the love

රට තුළ වේගයෙන් ව්‍යාප්ති වන ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගැනීම සමග ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අද (03) අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ නරකින් තවත් නරක අතට හැරීමේ අවදානමක් පවතින බවයි.

“දිනකට වාර්තා වන අඩු සිද්ධි සංඛ්‍යාවට හේතු වී ඇත්තේ දිනකට සිදු කෙරෙන සීමිත පීසීආර් පරීක්ෂණ ප්‍රමාණයයි. සමාජය තුළ හඳුනා නොගත් ආසාදිතයින් වාර්තා වන ප්‍රමාණයට වඩා පස් ගුණයක් සිටිනවා. අපි සමාජයේ සැලකිය යුතු ඩෙල්ටා ප්‍රභේද අවස්ථා ගණනාවක් හඳුනා ගත හැකි තීරණාත්මක සති දෙකකට ළං වෙමින් සිටිනවා. මෙම ගැටලුව සැහැල්ලුවට ගත නොහැකයි. විශේෂයෙන් බස්නාහිර පළාතේ සක්‍රීය ඩෙල්ටා ප්‍රභේදයන් හඳුනා නොගත් රෝගීන් අති විශාල පිරිසක් සිටිනවා‘‘

අනාගතයේදී කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව, මරණ සහ රෝග ලක්‍ෂණ රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බව වෛද්‍ය ගුණරත්න මහතා පැවසීය