නව වසරේ කෙහෙළියට මල් වඩමක්..!

නව වසරේ කෙහෙළියට මල් වඩමක්..!
Spread the love

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ විජේරාම මාවතේ පිටි නිල නිවස ඉදිරිපිටම මල් වඩමක් තබා විරෝධතාවයක් පලකර ඇත.

ඒ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෘත්තිය සමිති සන්ධානය සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.

ගැටලුකාරී ඉමියුනිග්ලොබින් වංචාව සම්බන්ධයෙන් සාක්ෂි තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගැනීමට මෙම විරෝධය පල කර තිබේ.

මෙම එන්නත් වංචාව නිසා මෙරට රෝගීන් විශාල පිරිසක් මරණයට පත් වූ බවත් එය සංකේතවත් කිරීමට මෙලෙස අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබූ බවත් සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

එමෙන්ම පසුගිය වසර කිහිපය තුළදීම සිදුව ඇති ඖෂධ ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමතිවරයා ලබාදෙන ඕනෑම වෙලාවක තමන් සූදානම් බව සඳහන් ලිපියක්ද හෙතෙම එහිදී ආරක්ෂක නිලධාරීන්ට භාරදී තිබේ.