නිදන්ගත රෝගීන්ට දැනුම්දීමක් සමග දුම්පානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්

නිදන්ගත රෝගීන්ට දැනුම්දීමක් සමග දුම්පානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්
Spread the love

ආගාතය, පාකින්සන් ඩිසීස්, ඩිමොන්ශියා නිදන්ගත ස්නායු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් කඩිනමින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට පියවර ගතයුතු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ‘‘ නිදන්ගත ස්නායු රෝගීවලින් පෙළෙන සමහර අය, උදාහරණයක් ලෙස ආගාතය, පාකින්සන් ඩිසීස්, ඩිමොන්ශියා. මේ කියන රෝගීන් දන්නවා තමන්ගේ රෝගී තත්ත්වය. මෙවන් වූ රෝගී තත්ත්ව තියෙන කෙනෙක් සමහරවිට හිතේ ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන් මේ එන්නත ලබාගැනීම සුදුසුද මේ එනන්තෙන් හානියක් සිදුවෙනවාද කියන එක ගැන. එනන්ත මගින් ස්නායුගත සංකූලතා ඉතාම නොසැලකිය හැකි මට්ටමක පවතින්නේ. ඉතාම කලාතුරකින් තමයි එහෙම තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නනේ. ඒ නිසා නිර්දේශයක් විදිහට ඔබ නිදන්ගත ස්නායු රෝගයකින් පෙළෙනවා නම් ඔබ ළඟම තියෙන තැනට ගිහින් කුමක් හෝ එනන්තක් ලබාගැනීම තමයි දැනට තිබෙන ගැලවුම”

මේ අතර දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමේ හැකියාව වෙනත් පුද්ගලයින්ට සාපේක්ෂව 14 ගුණයකින් වැඩි බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

දුම්පානයට ඇබ්බැහි වූවන් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් වුවද නිසි ආරක්ෂාවක් නොලැබෙන බව අද (21) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා පැවසුවේය.

රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ දුම් පානය කරන පුද්ගලයින් අසල රැඳීසිටින සෙසු පුද්ගලයින්ට ද එම ප්‍රතිඵල අත්විය හැකි බවත් එවැනි පුද්ගලයින්ට කොවිඩ් -19 වෛරසය ආසාදනයවූ විට අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ හැකියාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.