නිවාසවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන්ට විශේෂ දැනුම් දීමක්

නිවාසවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන්ට විශේෂ දැනුම් දීමක්
Spread the love

‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, ‘‘රෝහල්ගත වීමට පැමිණෙන ඕනෑම රෝගියකු බාරගත යුතු බවට රෝහල් ප්‍රධානීන්ට අප දැනුම් දී තිබෙනවා. ඔවුන් භාර ගැනීම රෝහල් කාර්ය මණ්ඩලයේ වගකීමක්. ඒ වගේම අපි කියන්නේ නේවාසිකාගාර වැනි තාවකාලික ස්ථානවල පදිංචිව සිටින පුද්ගලයන් එම ස්ථානවලම රැදී සිටීම තමයි වඩාත් යෝග්‍ය. ඔවුන් නිවාසවලට යාම නිසා තව දුරටත් රෝගය පැතිරීමට අනුබලයක් ලැබෙනවා‘‘

මෙහිදී නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වය හා එයට මුහුණ දීමට ගතයුතු පියවර ගැන ද සදහන් කළ හේරත් මහතා කියා සිටියේ වර්ෂාව හේතුවෙන් ආපදාවලට ලක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් ජනතාව ඒ පිළිබඳව අවදානය යොමු කළ යුතු බවයි.