පකිස්ථානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවරු කිරීමට එරට රජය අපොහොසත් වන්නේ නම් වහාම ශ්‍රී ලංකා රජය මැදිහත්වී ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට ක්‍රියාකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
එම පක්ෂය අද (06) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පක්ෂ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කළේය. පකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියවඩන සම්බන්ධයෙන් සංවේගය පළකරන අතර උමතු ම්ලේච්ඡ අන්තවාදී ක්‍රියා නතර කිරීමට ලෝක වාසි ජනතාව එක්විය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රචන්ඩකාරී ක්‍රියාකලාපය පිළබිඳව සහ කතානායකවරයාගේ පක්ෂග්රාහී ක්‍රියා මාර්ග පිළිබඳව ද දැඩි අප්‍රසාදය පළ කරමින් සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවන් කතානායකවරයා වහාම මධ්‍යස්ථභාවයට පැමිණවිය යුතු බව පැවසීය.