පඹයෝ වගේ ඇමතිවරුන්ගේ අසාධාරණ තීරණවලට එරෙහිව හඬ අවධි කරන්න

පඹයෝ වගේ ඇමතිවරුන්ගේ අසාධාරණ තීරණවලට එරෙහිව හඬ අවධි කරන්න
Spread the love

ආර්ථිකයේ, දේශපාලනයේ, රාජ්‍ය මුදල් හැසිරවීමේ ඇතුළු රාජ්‍ය පාලනයේ 70%ක් 75%ක් රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු දරන ගමන් ඒවායින් සිදුවන මහජන පීඩාව තමන්ගේ ඇඟට ගන්නේ නැතිව ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂවරුන්ට අන්තේවාසිකම් කරන ඇමතිවරුන් පිටින් යවන බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි.

අසාධාරණ ලෙස ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් ආණ්ඩුවේ තීන්දුවට විරෝධය පළකරමින් අද (21) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වෙමින් තිබියදී ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළුව අසාධාරණ ලෙස භාණ්ඩ මිල වැඩිකිරීම් භාරනොගන්නා ලෙසත් ඊට එරෙහිව මහජනතාව ලෙස හඬ අවදිකරන ලෙසත් ඉල්ලා සිටින බවයි.