පිස්සුද මං විශ‍්‍රාම ගන්නේ නෑ..! ජනතාව තවම මං ගැන ලොකු බලාපොරොත්තුවක ඉන්නේ..! මන්ත්‍රි මහින්දගෙන් ප්‍රකාශයක්..!

පිස්සුද මං විශ‍්‍රාම ගන්නේ නෑ..! ජනතාව තවම මං ගැන ලොකු බලාපොරොත්තුවක ඉන්නේ..! මන්ත්‍රි මහින්දගෙන් ප්‍රකාශයක්..!
Spread the love

දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් තමන්ට මේ මොහොතේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව වැඩි වශයෙන්ම එකතු වී සිටින්නේ පොදු ජන පෙරමුණ සමග බවත් පවසන ඒ මහතා යම් වෙනස්කම් සිදු වී ඇතත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් වී නැති බවද සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ සම්මේලනය විසින් ඔප්පු කරන ලද්දේ එය බවත් පැවසූ ඔහු සෑම පක්‍ෂයක්ම සම්මේලන පැවැත්විය යුතු බවත් පක්ෂයේ ශක්තිය පෙන්නුම් කළ හැක්කේ එවන් දේවලින් බවත් පැවසීය.

ජනතාව තවමත් පොදු ජන පෙරමුණ ගැන බලාපොරොත්තු තබාගෙන සිටින බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන්ට තරග කිරීමට හැකියාවක් නැති නමුත් පක්ෂය තීරණය කරන පුද්ගලයා කවුරුන්වත් ඔහු දිනවීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.