වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකළ හැකි යැයි වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ පිළිකා කාරක අඩංගුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් තොගයක් නිදහස් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්ද යන්න ගැනත් විපක්ෂය ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණ බවට විපක්ෂය පෙන්වා දුන්නේය.
එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී ඊයේ (23) රේගුව ඒවා නිදහස් කර ඇත.