පී.බී යයි – ගාමිණි සෙනරත් එයි ?

පී.බී යයි – ගාමිණි සෙනරත් එයි ?
Spread the love

ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇති බව වාර්තාවේ.

ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන තනතුර සදහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීමෙන්  පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

පරිපාලන සේවය කීර්තිමත් නිලධාරියකු වන අනුර දිසානායක  මහතා මහවැලි, වාරිමාර්ග, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්ධුර හොබවා ඇත.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.