පී.සී.ආර් පරීක්ෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරනවා – පවිත්‍රා

පී.සී.ආර් පරීක්ෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරනවා – පවිත්‍රා
Spread the love

කොවිඩ් 19 පාලනයකිරීමට ඉක්මනින් මලිදීගැනීමට අවශ්‍ය මුදල් සහනයක් ලෙස ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බැවින් ඉක්මනින්ම මෙරට පී.සී.ආර්. පරීකෂණාගාර තවත් වැඩිකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ( 18 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

එසේම වැඩිවන රෝගීන් තත්ත්වය හමුවේ දැනට පවතින පී.සී.ආර් පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩිකිරීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මේ වන විටත් එම පරීක්ෂණාගාර පැය 24ම කාර්යයේ යෙදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්  මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

විශේෂයෙන් නැගෙනහිර දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අවම මට්ටමක පවත්න බවත් මේ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළ අතර ඊට පිළිතුරුදෙමින් සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසීය.