පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
Spread the love

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ මහජන සේවාවන්  නැවතත් අංක හා දින වෙන් කර ගත් සීමිත පිරිසක් සඳහා පමණක් ජූලි 05 වැනිදා සිට විවෘත කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව විසින් අද (02) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

මේ වන විට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත් යොමුකරන ලද ඉල්ලුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් රටෙහි පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ අනුව මෙතෙක් හැඳුනුම්පත නොලැබුණු ඉල්ලුම්කරුවන්ට දිනයක් හා අංකයක් වෙන්කර දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවේ. 

හැඳුනුම්පත් ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්  ඔවුන්ට අදාළ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් මඟින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය වෙත භාර දී ඉහත ක්‍රමයවේදයම අනුගමන කරමින් හැඳුනුම්පත ලබාගැනීමට හැකිය. 

එසේ හැඳුනුම්පත් ලබාගැනීමට බලාපොරොත්තු වන අය බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර සතියේ වැඩකරන දිනයන්හි දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු වී හෝ පහත සඳහන් දුරකථන අංක මඟින් දිනයක් හා අංකයක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ. 

  • බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය – 0115 226 126 / 0115 226 100 
  • දකුණු පළාත් කාර්යාලය – 0912 228 348 
  • වයඹ පළාත් කාර්යාලය – 0372 224 337 
  • උතුරු පළාත් කාර්යාලය – 0242 227 201 
  • නැගෙනහිර පළාත් කාර්යාලය – 0652 229 449