පොදු ප්‍රවාහන සේවා ‘රාජකාරී කටයුතු‘ සඳහා පමණයි

පොදු ප්‍රවාහන සේවා ‘රාජකාරී කටයුතු‘ සඳහා පමණයි
Spread the love

අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා භාවිත කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, සභාපති, කිංස්ලි රණවක මහතා සදහන් කරන්නේ සේවය සඳහා පැමිණෙන අයට කිසිදු ගැටලුවක් නොමැතිව බස්රථ ලබාදීමට ගමනා ගමන මණ්ඩල පියවර ගන්නා බවයි.

මේ අතර අන්තර් පළාත් මගී ප්‍රවාහනය වෙනුවෙන් දුම්රිය 15ක් හෙට උදෑසන සිට ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

සඳුදා සිට ධාවනය වන දුම්රිය –

  • මහනුවර සිට දුම්රිය – 02
  • පොල්ගහවෙල සිට දුම්රිය – 02
  • මහව සිට දුම්රිය – 01
  • හලාවත සිට දුම්රිය – 01
  • බෙලිඅත්ත සිට දුම්රිය -01
  • ගාල්ල සිට දුම්රිය – 01