‘බස්නාහිර උපකාරක පංති’ ආරම්භ කිරීමට අවසර

‘බස්නාහිර උපකාරක පංති’ ආරම්භ කිරීමට අවසර
Spread the love

බස්නාහිර ප‍ළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලබා දෙන බව සෞ‍ඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවෙදී පැවසුවාය.

සෞඛ්‍ය ඇමැතිවරිය මෙ බව හෙළි කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගු‍ණපාල රත්නසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උපකාරක පන්තියක උපරිම ‍ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට සීමා කළ යුතු බවත් මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යන පන්තිවලද අදාළ බවත් කී සෞඛ්‍ය ඇමතිවරිය සෑම පන්තියකම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතු බව ද කීවාය.