බැසිල් ජූලි 06 වැනිදා පාර්ලිමේන්තුවට

බැසිල් ජූලි 06 වැනිදා පාර්ලිමේන්තුවට
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජූනි මස 06 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රමුඛ දේශපාලන වෙබ් අඩවි කිහිපයක් අද (25) වාර්තාකර තිබෙනවා.

තහවුරු නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් එම වෙබ් අඩවි සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පත්වීමට ඉඩ දී මේ වන විට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වනු ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි ද එම වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.

මේ අතර එම වාර්තා වැඩි දුරටත් සදහන් කරන්නේ පසුගිය දා වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය ඇමැති නිමල් ලන්සා ඇතුළු පිිරිසක් ද ඉගි පළ කර තිබුණා.

බැසිල් රාජපක්ෂ මහතා 2005-10 යුගයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙසත් 2010- 2015 රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද දැරුවා.