බැසිල් පාර්ලිමේන්තුවට එනවා – ප්‍රමිත බණ්ඩාරගෙන් සහතිකයක්

බැසිල් පාර්ලිමේන්තුවට එනවා – ප්‍රමිත බණ්ඩාරගෙන් සහතිකයක්
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අනිද්දා(08) දිවුරුම් දීම ස්ථිර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූ බව වෙබ් අඩවි කිහිපයක් අද (05) වාර්තා කළා.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදීම පිණිස ශ්‍රීලපොපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු සූදානමින් සිටින බව ද වාර්තා වන අතර එසේ ඉවත් වන පුද්ගලයාට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධුරය හිමිවන බවයි එකී වාර්තා සදහන් කරන්නේ.

මීට පෙර අප ද ඇතුළු වෙබ් අඩවි සහ ජාතික මාධ්‍ය බැසිල් රාජපක්ෂ මහතා 06 වැනිදා දිවුරුම් දෙන බව ප්‍රකාශ කිරීමත් විශේෂත්වයක්.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ගැන සමාජමාධ්‍ය වල දැඩි විවේචනයක් පවතින අතර මේ සම්බන්ධ පුවත් පළ වන සෑම අවස්ථාවකම එය දැඩිව විවේචනය වීම සුලභ සිද්ධියක් බවට පත්ව ඇත. සමාජමාධ්‍ය පරිශීලකයින් බහුතරයක් පවසන්නේ රාජපක්ෂ පවුලට තව දුරටත් රට දියුණු කිරීමට හැකියාවක් හෝ දැක්මක් නොමැති බවයි.