බැසිල් වෙනුවෙන් කැටගොඩ පුටුව දෙයි – දිවුරුම් දීමත් තීන්දුයි

බැසිල් වෙනුවෙන් කැටගොඩ පුටුව දෙයි – දිවුරුම් දීමත් තීන්දුයි
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (05) මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සදහා බැසිල් රාජපක්ෂ මහතා නම්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ 8 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන බවයි.

මේ අනුව, හෙට (07) දිනය තුළ මැතිවරණ කොමිෂන් සභාව රැස්වී බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට නියමිතව ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.