බුදුදහම රකිනවා කියා බලය ගත් ආණ්ඩුව හාමුදුරුවන් හිරේ දාන්න හදනවා – සමන්ත විද්‍යාරත්න

බුදුදහම රකිනවා කියා බලය ගත් ආණ්ඩුව හාමුදුරුවන් හිරේ දාන්න හදනවා – සමන්ත විද්‍යාරත්න
Spread the love

බුදුදහම රකිනවා කියා බලයට ආපු ආණ්ඩුව, ගොවි ජනතාව වෙනුවෙන් පාරට බැස්ස සංඝයාවහන්සේලා හිරේ දැමීමට සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ, ගොවිජනතා ප්‍රශ්න වෙනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ තමන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ඇති සූදානම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි.

“ආගම රකිනවා කිව්වා, ජාතිය රකිනවා කිව්වා, මුරදේවතාවුන් වෙච්ච මහා සංඝරත්නයට පහුගිය ආණ්ඩුව හිරිහැර කළා කිව්වා, හිරේ විලංගුවේ දැම්මා කිව්වා. ඒවා සියල්ලම අකාමකා දාලා නිවැරදි ගමණක මේ රට අරගෙන යනවා කිව්වා. අපි නන්දසේන මහත්තයාගෙන් අහන්න කැමතියි, ගොවියන්ට පොහොර ඉල්ලලා ගොවියන්ගෙන් දං වළඳන, ගොවියන්ගෙන් ගිලන්පස ටික වළඳන, ගොවිබිම්වල ඉන්න මහා සංඝරත්නය ගොවිය වෙනුවෙන් පාරට බහිනකොට අන්න වැළිමඩ බෝගහ කුඹුරේ පොලීසියේ ලියලා ගල්ඒදන්ඩේ නායක හාමුදුරුවොත් අත්අඩංගුවට ගන්න කියලා.

බලය ගන්න ගොවියො පාවිච්චි කළා. බලය ගන්න ආගම පාවිච්චි කළා. බලය ගන්න භික්ෂූන් වහන්සේලා පාවිච්චි කළා. දැන් ඒ සියල්ල අමතක කරලා රට ඩෝසර් කරන් යන ගමනක යන්න හදනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේ සටන අපි අවසන් කරන්නේ අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරල මිසක ආපස්සට අඩිය තියන්න අපිනම් සූදානම් නැහැ. හිරගෙවල් එකක දෙකක නෙවෙයි දාහක යැව්වත් මේ ගමන නවතින්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා ගොවිජනතාවට සාධාරණය ඉෂ්ඨ කරන්න. කාක පිහාටු එල්ලීම්වලින් මේ ගමන් නවත්වන්න බැහැ.” යැයිද ඔහු එහිදී සඳහන් කරයි.

සම්පූර්ණ වීඩියෝව පහතින්

https://www.facebook.com/574466252642666/videos/349273670044220/?so=watchlist&rv=video_home_www_playlist_video_list