මංගල හා අවමංගල උත්සව සදහා යළිත් සීමා

මංගල හා අවමංගල උත්සව සදහා යළිත් සීමා
Spread the love

කෝවිඩ් 19 වසංගතයේ වත්මන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විවාහ මංගල උත්සව සහ වෙනත් එවැනි අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

නව තීරණය අනුව,

  • ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලාවක පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහාභාගී විය හැකි උපරිම මට්ටම 150කි.
  • උත්සව ශාලාවේ ආසන සංඛ්‍යාව 500ට අඩුනම්  උපරිමය 100 දෙනකුට සීමා කෙරේ.
  • අවමංගල්‍යයකට වරකට සහභාගීවීමට අවසර ලැබෙනුයේ 25 දෙනකුට පමණී. 
  • සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමේ. රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.