මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
Spread the love

වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ අද (01) දිවුරුම් දුන්නේය.

නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

කළුතර මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා මෙලෙස පත් කර තිබේ. බුලත්සිංහල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන හෙතෙම 2020 මහ මැතිවරණයේදී මනාප ඡන්ද 46,361ක් ලබා ගත්තේය