මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාව වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි නමින් පශ්චාත් උපාධි පීඨයක්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාව වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි නමින් පශ්චාත් උපාධි පීඨයක්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!
Spread the love

දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම  විවෘත ආර්ථිකයේ  ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ ශිෂ්‍යත්වයෙන්  හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බව ජනාධිපතිවරයා කීය.

හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින්  සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය(Post Graduate for Research )  ලලිත් අැතුලත්මුදලි නමින් නම් කරන බව ද ජනාධිපතිවරයා  සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  මහපොළ 2023 ප්‍රදර්ශනයේ  දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා   එක්වෙමිනි.

වෙළෙඳ  වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය  වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13දා ආරම්භ කෙරිණි.