මහාචාර්ය නලීන් ද සිල්වා පැන යයිද..?

මහාචාර්ය නලීන් ද සිල්වා පැන යයිද..?
Spread the love

මේ වන විට ලංකාවට පැමිණ සිටින මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සමඟ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් පුවත්පත් මඟින් කාලයක් තිස්සේ සංවාදයට බඳුන් කළ “මිත්‍යාව සහ විද්‍යාව” සම්බන්ධයෙන් වන කතිකාවට අදාළව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එම විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට ආරාධනා කර සිටිති.

පහත දැක්වෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ලංකාවට සම්ප්‍රාත්ත වූ බව දැන ගත් එම විශේෂඥ වෛද්‍යවරුන් එතුමාට ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට කළ ගෞරවාන්විත ආරාධනයයි.

—-උපුටා ගැනීම—

“බුරුමයේ තානාපති ධුරන්දර මහාචාර්ය නලින් ද සිල්වා මහතා පසුගිය වසර තිස්පහ තිස්සේ ප්‍රචලිත කල මතවාදයෙහි ඇති හානිකර හා අසත්‍ය බව ඔප්පුකිරීමට විවාදයකට පැමිණෙන ලෙස එතුමාට අප මේ වසරේ පෙබරවාරි මස අරාධනා කළෙමු.

ඉන්පසුව අපගේ කරුණු ඔප්පු කිරීමට ලිපි දහයක්ද පුවත්පත් වල පලකලෙමු. එතුමා මේ දිනවල ලංකාවට සැපත්ව ඇති බව අප හට සැලවී ඇත.

එම නිසා අප යෝජනා කල විවාදයට එළඹෙන ලෙස අප එතුමාගෙන් ඉල්ලා සිටිමු. විවාදයේ මාතෘකාව සහ අනෙක් තාක්ෂණික විස්තර එතුමා විවාදයට එකඟ වූ විට අපහට සාකච්ඡා කළ හැක.

අපගේ මේ ආරාධනාව කාරුණිකව පිළිගන්නා මෙන් අපි එතුමාගෙන් ඉල්ලා සිටිමු.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා

විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර

—-උපුටා ගැනීම අවසන්—