මහින්දගෙන් ගළවා බැසිල්ට දුන් 03ක් යළි මහින්දට දෙයි

මහින්දගෙන් ගළවා බැසිල්ට දුන් 03ක් යළි මහින්දට දෙයි
Spread the love

මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (08) දිනයේ දී දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ යටතට ගැසට් නිවේදනයක් මඟින් පවරා තිබූ ආයතන තුනක් ඔහුගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා දී තිබෙනවා.

ජනපතිවරයා විසින් ඊයේ (08) නිකුත් කළ අංක 2235/59 දරණ ගැසට් පත්‍රය මගින් මේ පවරාදීම සිදුකර තිබෙන්නේ.

මේ අනුව  බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල යළි  ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පැවරෙනවා.