මහින්ද – රනිල් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ උපන්දින සාදයක – සුපිරි ඡායාරූප පෙළක් ලීක්වෙයි

මහින්ද – රනිල් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ උපන්දින සාදයක – සුපිරි ඡායාරූප පෙළක් ලීක්වෙයි
Spread the love

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයක එක්ව සිටින ඡායාරූප පෙළක් අද (09) සාමාජ මාධ්‍යවල වෛරස් වුණා. එම ඡායාරූපවල අගමැති මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ශිරන්ති රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ යන අය එකට අසුන් ගෙන ආහාර ගන්නා අයුරු දැකගත හැකියි.

මෙම ඡායාරූපවල තවත් කිහිප දෙනෙක් සිටින අතර කොළඹ පදිංචි සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පසුගියදා පැවති උපන්දින රාත්‍රී සාදයක් අතරතුරු මෙම ඡායාරූප ලබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.