මහේල ජයවර්ධන ගැන Indian Express කළ අන්දෝලනාත්මක හෙළිදරව්ව

මහේල ජයවර්ධන ගැන Indian Express කළ අන්දෝලනාත්මක හෙළිදරව්ව
Spread the love

සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන මහේල “එයාලා මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ කවදද? කරුණාකර ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා.” යනුවෙන් සැමගෙන් ඉල්ලයි.

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගන්නා ලෙස ඉන්දිය ක්‍රිකට් කවුන්සිලය (BCCI) කළ යෝනාව මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි Indian Express වාර්තාවක සදහන් වෙයි.

ඉදිරි විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව තමන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන බව වත්මන් පුහුණුකරු වන රවී ශාස්ත්‍රී නිවේදනය කර තිබේ.

Indian Express වාර්තාවේම සඳහන් වන්නේ මහේල ජයවර්ධන විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහු (මහේල) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර අපේක්ෂාවෙන් සිටින බැවින් බවයි.

අයිපීඑල් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් හි පුහුණුකරු ලෙස ද කටයුතු කරන්නේ ද මහේල ජයවර්ධනයි. ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ නීති වලට අනුව, පැහැදිලිවම සඳහන් වන්නේ පුද්ගලයෙකුට ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිටියදී වෙනත් තනතුරක් දැරීමට නොහැකි බවයි, නමුත් ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට මෙවැනි සීමා කිරීමක් නැත.

මේ අතර තමන් ඉන්දිය ජාතික ක්‍රිකට් පුහුණකරු ධුරය ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ධුරය බාර ගැනීමට සුදානමින් සිටින බවට ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත විසින් පළකල පුවත මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබේ. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන මහේල “එයාලා මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ කවදද? කරුණාකර ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා.” යනුවෙන් සැමගෙන් ඉල්ලයි.