මාරාන්තික දකුණු අප්‍රිකා කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් රිංගලාද ? – පරීක්ෂණ ඇරඹෙයි

මාරාන්තික දකුණු අප්‍රිකා කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් රිංගලාද ? – පරීක්ෂණ ඇරඹෙයි
Spread the love

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මෙම විකෘතිතාවයන් ශ්‍රී ලංකාවේදී සොයාගෙන නොමැති නමුත් මෙම විකෘති ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගයෙන් ව්‍යාප්ත වන බැවින් මෙරටසෞඛ්‍ය පද්ධතිය සීරුවෙන් තබා ඇති බව ද ඔහු පැවසුවේය.

නව අධ්‍යයනයකට අනුව, දකුණු අප්‍රිකාවේ මුලින්ම සොයා ගත් සී .1.2 ප්‍රභේදය, දැනට සොයාගෙන ඇති අනෙකුත් සියලුම COVID ප්‍රභේද වලට වඩා ව්‍යාප්ත අතර දැනට පවතින COVID-19 එන්නත්වලට ඔරොත්තු දීමේ හැකියාවක් ද තිබිය හැකිය.

දකුණු අප්‍රිකාවට අමතරව චීනය, එංගලන්තය, නවසීලන්තය, පෘතුගාලය, ස්විට්සර්ලන්තය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ මොරිෂස් වැනි අනෙකුත් රටවල ද සී .1.2 ප්‍ර භේදය පැතිර ඇති බව තහවුරු වී තිබේ.

පසුගිය මැයි මාසයේදී හදුනාගත් මෙම නව විකෘතිතා සහිත ප්‍රභේදය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් වැඩි බවත්එ හි විකෘති භාවයේ ප්‍රමාණය සියයට 41.8ක් ලෙස හඳුනාගෙන ඇති බවත් ආචාර්ය ජීවන්දර පැවසුවේය.

දැනට පවතින ප්‍රමුඛතම ඩෙල්ටා ප්‍රභේදයට වඩා සී .1.2 අනතුරුදායකද යන්න විද්‍යාඥයන් අධ්‍යයනය කරමින් සිටින අතර මෙය සනාථ කිරීම සඳහා වැඩි වැඩියෙන් පර්යේෂණ කටයුතු සිදු වෙමින් පැවතුනි.