මාස දෙකකට පසු අඩුම මිල සටහන් කරමින් ඩොලරය දැඩි පල්ලමක..!

මාස දෙකකට පසු අඩුම මිල සටහන් කරමින් ඩොලරය දැඩි පල්ලමක..!
Spread the love

පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වුණු අඩුම රුපියල් අගය  (27) දින වාර්තා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 320.53 ක් හා විකුණුම් මිල රු. 330.38 ක් ලෙසින් සටහන් වී ඇත.‍

මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රු. 320 මට්ටමට සහ විකුණුම් මිල රු. 330 මට්ටමට පැමිණ ඇත්තේ මාස දෙකක පමණ කාලයකින් පසුව වීම විශේෂත්වයකි. අවසාන වරට ඩොලරයේ රුපියල් වටිනාකම මෙම මට්ටම්වල පැවතියේ 2023 ඔක්තෝබර් 24 වන දිනයි.

මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 325.74 ක් ලෙසින් වාර්තා වන අතර එය ද 2023 ඔක්තෝබර් 24 දිනෙන් පසු වාර්තා වී ඇති අවම අගය වේ.