මා ජනාධිපති වුනාම සියළු මත්පැන් බලපත‍්‍ර අහෝසි කරනවා..! සජිත්ගෙන් ප්‍රකාශයක්

මා ජනාධිපති වුනාම සියළු මත්පැන් බලපත‍්‍ර අහෝසි කරනවා..! සජිත්ගෙන් ප්‍රකාශයක්
Spread the love

වත්මන් රජය විසින් බෙදා දෙන ලද මත්පැන් බලපත‍්‍ර සියල්ල ඉදිරියේ පිහිටුවන තම රජයකදී අහෝසි කර දමන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එහිදී පක්ෂ විපක්ෂ කිසිදු සබඳතාවයක් නොබලන බවත් එම සියලු බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

දැනට රජය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කිරීමටද රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.