මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට දේශපාලන පක්ෂ 10කින් යෝජනා හා අදහස්

මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට දේශපාලන පක්ෂ 10කින් යෝජනා හා අදහස්
Spread the love

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 10 කින් යෝජනා හා අදහස් ඉදිරිපත් වී ඇතැයි කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (14)  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති එම කාරක සභා රැස්වීමේදී  පැවසීය.

යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට කාරක සභාවට ලැබී ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 138 ක් බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය මෙහිදී පැවසුවාය.