මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදෙයි

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදෙයි
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එළඹෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත් වන බවයි. නොවැම්බර් 21 සිට දෙසැම්බර් 3 දක්වා පැවැත්වෙන එම තරගාවලිය පැවැත්වේ.  

මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආතර් පත් කර ඇති බව ක්‍රීඩා වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.