මියන්මාරයට අපේ අහිංසක ලාංකිකයන් විකිණූ හතරක් අත්අඩංගුවට..! ඒ අතර මහ මොලකරු මාලිමා අපේක්ෂකයෙක්…!

මියන්මාරයට අපේ අහිංසක ලාංකිකයන් විකිණූ හතරක් අත්අඩංගුවට..! ඒ අතර මහ මොලකරු මාලිමා අපේක්ෂකයෙක්…!
Spread the love

ශ්‍රී ලංකාවේ සිට මිනිස් ජාවාරමේ නිරත වූ චීන ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස එළඹෙන හතරවනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔවුන්ට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු හතක් පවරා තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් එක් පුද්ගලයකු අත්අඩංගුර ගැනීමට මහජන සහාය බලාපොරොත්තු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරකට මෙරට ලාංකිකයන් යොමු කිරීමද මෙම පිරිසට යොමුව ඇති එක් චෝදනාවක් වෙයි.

මෙසේ අත්අඩංගුවට ගත් හතර දෙනා අතර සිටිනා එක් පුද්ගලයකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය යටතේ තරග කිරීම සඳහා නාම යෝජනා දුන් අයෙකි.