මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි

මුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් හමුවෙයි
Spread the love

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත අතර ඊයේ (දෙසැ 01) පස්වරුවේ ඉන්දියාවේ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන්  මහත්මිය නවදිල්ලි නුවරදී හමුවිය.

එහි දී  ද්විපාර්ශ්වික ආර්ථික  සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව  බැසිල් රාජපක්ෂ මහතා මුදල් මුදල් අමාත්‍යවරියට ස්තූතිය පුද කළේය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

ආර්ථික විද්‍යාඥවරියක් වන ශ්‍රී නිර්මලා සීතාරාමන් මහත්මිය 2019 මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත. ඇය 2017 සිට 2019 දක්වා ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. සීතාරාමන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලෙස ද කටයුතු කර ඇත බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙට (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා මුණ ගැසීමට ද නියමිතව ඇත.