මුදල් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථාවට පටහැනියි

මුදල් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථාවට පටහැනියි
Spread the love

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ  වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය.

4(1),5(1),5(2),5(3),5(4),5(5),6(1),7(1),12බී,13(1),14,20 සහ17 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායකවරයා පැවසීය.

මෙම වගන්තිවලින් 17 වැනි වගන්තිය මුළුමනින්ම ඉවත් කළ යුතු බවටත්  සෙසු වගන්තිවලට  සංශෝධන ගෙන ආ යුතු බවටත් එසේ කටයුතු කළහොත්  මෙම මුදල් පනත් කෙටුම්පත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන තත්වයට පත්වෙන හෙයින් ඒ අවස්ථාවේදී එය  පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද  ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී ඇත.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට විවිධ පාර්ශව විසින්  පෙත්සම් ගණනාවක් පසුගිය දිනවල ඉදිරිපත් කෙරිණි.