මූල්‍ය අර්බුදය උග්‍ර අතට: රුපියල් කෝටි 21,348ක් ඊයේ මුද්‍රණය කරලා

මූල්‍ය අර්බුදය උග්‍ර අතට: රුපියල් කෝටි 21,348ක් ඊයේ මුද්‍රණය කරලා
Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ අලුත්ම රු. බිලියන 120 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 31% ක් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

මේ වසරේ තනි දිනක් තුල මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය රු. බිලියන 213.48 ක් ඊයේ දිනයේ මුද්‍රණය කර ඇත.

කෙටි කාලීන බැඳුම්කර සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් පැවතිය ද, 2028 මැයි 01 දිනට කල් පිරීම සඳහා ඉදිරිපත් කර තිබූ භාණ්ඩාගාර බැඳුම්කර රු.බිලියන 35 කින් අලෙවි වී ඇත්තේ රු. බි. 11.4 කි.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් කල් පිරුණු ඩොලර් මිලියන 106 ක වටිනාකමින් 44% ක් (එනම් ඩොලර් මිලියන 60) නැවත අලෙවි කිරීමට මහ බැංකුවට ඊයේ හැකි විය.  දැඩි අර්බුදකාරී වාතාවරණයක් තුල යම් අස්වැසිල්ලකි.  

අගෝස්තු මස 1 දිනට පියවිය යුතු රු. බිලියන 150 ඉක්මවන බැඳුම්කර හා කූපන් ප්‍රමාණයක් මහ බැංකුව සතුවේ. 

නිදහසින් පසු දළ දේශීය නිෂ්පාදනයට වඩා රටේ ණය ප්‍රමාණය ඉහළ ගිය අවස්ථා තුනකි.  1987 – 89 උතුර – දකුණ යුධ තත්වය,  පරිවාස ආණ්ඩුවක් ඇති කිරිමට හේතු  වූ 2001 ආර්ථිකය සෘණ අගයකට පත් වූ අවස්ථාව සහ 2020 එම අවස්ථා වෙති.  1970 න් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම මුල්‍ය අර්බුදයට දැන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටී.  විදේශ විනිමය හිඟය, රජයේ ආදායම් අඩුවීම හා පොහොර, ඖෂධ, ගැස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ඒ අතර මුලික වේ.