‘යක්කු ගස් නගින වෙලාවට‘ දඹුල්ල ආර්ථිකේ අරින්න ඉහළින් ආ නියෝගයෙන් අවුල් ජාලයක්

‘යක්කු ගස් නගින වෙලාවට‘ දඹුල්ල ආර්ථිකේ අරින්න ඉහළින් ආ නියෝගයෙන් අවුල් ජාලයක්
Spread the love

ගොවීන් මෙන්ම එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි බොහෝ දෙනා මෙම තීම තීරණය පිළිබඳව දැඩි ලෙස විවේචනය කරන්නට වූහ. ඇතැම්විට සංවිධානාත්මක කණ්ඩායමක් ගොවීන්ට ගොවිතැන එපා කරවීම සඳහා සිදු කරන කුමන්ත්‍රණයක් දැයි ඇතැම් ගොවීන් ප්‍රශ්න කරන්නට වූහ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු  රැගෙන ආ ගොවීන් සහ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළඳන් ඊයේ (04) රාත්‍රියේ එළවළු මිල දී ගැනීමට සහ අලෙවි කර ගැනීමට  නොහැකිව දැඩි  අර්බුදයකට මුහුණ  පෑමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 04 දින රාත්‍රී 8 ට වෙළදාම සඳහා විවෘත කරන බවට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය මගින් ගොවීන්ට මෙන්ම මිලදී ගනීමට එන ව්‍යාපාරිකයන්ට ගන්වා තිබුණු බවත් ඒ අනුව මෙම දෙපිරිස 04 දින සවරුවේ සිට ප්‍රධාන මාර්ගවල පෝලිමේ රැඳී සිටි බව කියති.

පසුව රාත්‍රී 07:ට පමණ ආර්ථික මධ්‍යස්ථානයේ  වසා දමා තිබුණු ගේට්ටු සියල්ල විවෘත කිරීමත් සමඟ  මාර්ගයේ නවතා තිබූ එළවළු පිරවූ ලොරි රථ 1000කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානය ඇතුළට ඇතුළු කළ ද තවත් විශාල ප්‍රමාණයක් මහමග දිගු පෝලිම් වල ඇතුළු කර ගැනීමට  නොහැකිව තිබියදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළඳාම් කටයුතු සඳහා මධ්‍යම  රාත්‍රි 12 ට විවෘත කරන බවට එම අවස්ථාවේදී නැවත වෙළඳ  සංගමය මගින් නිවේදනය කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.

ගොවීන් මෙන්ම එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි බොහෝ දෙනා මෙම තීම තීරණය පිළිබඳව දැඩි ලෙස විවේචනය කරන්නට වූහ. ඇතැම්විට සංවිධානාත්මක කණ්ඩායමක් ගොවීන්ට ගොවිතැන එපා කරවීම සඳහා සිදු කරන කුමන්ත්‍රණයක් දැයි ඇතැම් ගොවීන් ප්‍රශ්න කරන්නට වූහ.

තවත් ගොවීන් පිරිසක් කියා සිටියේ පස්වරු අටට ආර්ථික  මධ්‍යස්ථානය විවෘත කරන බව නිවේදනය කළ නිසා පැය හතක් දහයත් අතර කාලයක් පස්වරුවේ සිටම පෝලිමේ සිට රාත්‍රී 7 වන විට එළවළු තොගයය ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල් කිරීමත් සමඟ නැවතත් පැය හතරක් ගොවීන් රඳවා ගන්නේ ගොවීන්ට වෛරසය බෝ කරන්නට දැයි ප්‍රශ්න කරන්නට විය.

එළවළු මිල පහත දමා ඉතා අඩු මුදලකට එළවළු ලබා ගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි ඇතැම් වෙළෙන්දන් මෙන් ම ගොවීන් ද ප්‍රශ්න කරන්නට වූහ.

ඇතැතැම් ව්‍යාපාරිකයන්ගෙන් මෙම තීන්දුව ගනු ලැබුවේ කවුරුන්ද යන්න අප  විමසීමේදී ඔවුන් කියා සිටියේ ඉහළින් ලැබුණු තොරතුරක් බවය. කෙසේ වෙතත් දිවයිනේ අනෙකුත් ආර්ථික  මධ්‍යස්ථාන ඊයේ (04)  පස්වරුවේ සිට විවෘතව ලැබුණු බවත් දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ සපුරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම් සඳහා ව්‍යාපාරිකයන් පැමිණ සිටිය දීත් එළවළු තොග ගොවීන් විසින් රැගෙන තිබියදීත් ඒවා අලෙවි කිරීමට තවත් පැය හතරක කාලයක් ලබා ගන්නේ කෙසේදැයි බොහෝ ගොවීන් විමසන්නට වූහ.

ඇතැම් ගොවීන් කියා සිටියේ මින්  පසු තමන් වගාවෙන් ඉවත් වන බව ය. නිෂ්පාදනය කරගෙන එළවළුව අලෙවි කිරීම්ට බත් මුල් තුනක් බැඳ ගෙන ආ යුතු බවත් දින දෙකක් නිදිවරාගෙන සිටිය යුතු බවත් පෙන්වා දෙති.

කිසිදු සංවිධානාත්මක වැඩපිළිවෙළක් නොමැති වීම ඉහළ තීන්දු තීරණ ගන්නා බලධාරීන් කිසිදු වගකීමකින් තොරව මෙවැනි තීන්දු තීරණ ගැනීම නිසා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම දඹුල්ලට පැමිණි ගොවීන් මෙන්ම වෙළෙන්දන්ද දැඩි අසීරු අසීරුතාවයකට පත් වූ බව පවසති.

දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු. බී. ඒකනායක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ‘තම වෙළෙඳ සංගමය ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන්  පිළිබඳව සිතා බලා එමෙන්ම  නගරයේ පවතින දැඩි තද තදබදය පිළිබඳව අවබෝධ නිසා පස්වරු අටට විවෘත කිරීම් සඳහා සියලු කටයුතු සූදානම් කර තිබියදී එක වැරම මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන  කමිටුවෙන් රාත්‍රි දොළහට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරන ලෙස දැනුම් දීම නිසා මෙම තීරණයට එළඹි බව‘ ය. ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙක් මේ නිසා දැඩි අපහසුතාවයට ලක්වන අයුරු තමන් ද  පිළිගන්නා බව ද ඔහු සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 05 දින අලුයම වන විට දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ අතර ආර්ථික මධ්‍යස්ථානයට ලොරි රථ ඇතුළත් කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගයේ  දැඩි තදබදයක්  සිදුව ඇති බව ගොවීහු පවසති.

එමෙන්ම  දීවයිනේ  සෑම ප්‍රදේශයකින්ම එළවළු මිලදී ගැනීම සඳහා ගොවීන් ව්‍යාපාරිකයන් වෙළෙන්දන් පැමිණ සිටි අතර එළවළු රැගෙන දිවයිනේ සෑම පළාතකින් ම ගොවීන් ද විශාල වශයෙන් පැමිණ තිබූ බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති

කන්ද උඩරට ප්‍රදේශ වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබූ බෝංචි, මාළු මිරිස්, කැරට්, ලීක්ස් ආදී කිලෝවක තොග මිල රුපියල් 100 සිට 180 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බව ව්‍යාපාරිකයෝ පවසති

එමෙන්ම පහත රට එළවළු වම්බටු, මෑකරල්, කැකිරි, පිපිඤ්ඤා, දඹල, වැටකොළු, ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් තිහේ සිට රුපියල් 100 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පවසති

බොහෝ ගොවීන් කියා සිටියේ තමන්  දීන  දෙකක පමණ කාලයක් තම අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා මහමග රැඳී සිටින බවය. වෛරසය බෝ වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් දින දෙකක කාලයක් මහමග රැඳී සිටීම නිසා එළවළු වගාවන් හිද වැඩ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව ඔවුන් පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිශ්චිත කාල රාමුවකට දිනපතා විවෘත කර තබන ලෙස ද ගොවීන් රජයෙන් ඉල්ලීමක් කර සිටීති.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල