රජයේ සේවකයින් වැඩට යා යුතු සතියට දින 02යි – මාසයට දින 08යි – අලුත්ම චක්‍ර ලේඛය මෙන්න !

රජයේ සේවකයින් වැඩට යා යුතු සතියට දින 02යි – මාසයට දින 08යි – අලුත්ම චක්‍ර ලේඛය මෙන්න !
Spread the love

රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් අද (27) චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

කොවිඩ් වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගත් බවයි එහි සදහන් වන්නේ.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට මසකට උපරිම දින අටක් පමණක් සේවය වාර්තා කිරීමට අවස්ථාව හිමිවන අතර එහිදී ආයතනයට වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරගැනීමේ අවස්ථාව ආයතන ප්‍රධානීන් වෙත ලබා දී තිබෙන අතර නිලධාරීන් සතියකට දින තුනකට වඩා කැඳවීමේ අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ද ආයතන ප්‍රධානියාට තීරණයක් ගත හැකි බව එම චක්‍රලේඛයේ දැක්වෙනවා.

එලෙස මාසික සේවා මුර සකස් කළ පසු කිසියම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක නොපැමිණෙන්නේ නම් පෞද්ගලික නිවාඩුවලින් එම දිනය අඩු කළ යුතු අතර වෛද්‍ය හෝ වෙනත් හේතු මත සේවා මුර ක්‍රමයට ඇතුළත් කර නොගන්නා නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වෙනවා.

සේවාමුර අනුව සේවයට නොකැඳවන දිනයන්හිදී මාර්ගගත ක්‍රමයට සෑම නිලධාරියෙක්ම තම රාජකාරීවල නිරතවිය යුතු අතර යම් නිලධාරියකු නිරෝධායනයට යොමු කර ඇති අවස්ථාවක ඔවුන්ට එම කාලයේදී සම්පූර්ණ වැටුප් හිමිවන බව ද චක්‍රලේඛයේ සඳහන්.