රට පුරා යලි කොරෝනා අවදානමක්..? මුව ආවරණ පලදින්න වන ලකුණු..!

රට පුරා යලි කොරෝනා අවදානමක්..? මුව ආවරණ පලදින්න වන ලකුණු..!
Spread the love

මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ඒ බව සනාථ කර ගැනීම සදහා නියැදි පරීක්ෂාව අවශ්‍ය බව පැවසීය.

උගුරේ අපහසුතා ,සෙම්ප්‍රතිශ්‍යාව ,තෙහෙට්ටුව ,මාංශ පේෂි වේදනාව ,උණ,හිසරදය සහ කැස්ස මෙහි රෝගලක්ෂණ වෙයි.

මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව වැඩිදුරටත් පැවසීය.

මුව ආවරණ පැලදීම ඇතුළු කොරෝනා මාර්ගෝපදේශවලට අනුගත වීම වඩාත් සුදුසු යයිද ඒ මහතා කියා සිටියේය.

– තවලම නිපුනි හසරංගී