රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කෙරේ

රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කෙරේ
Spread the love

සීමාවන් සහිතව හෙට (01) අලුයම 4.00 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිතුත් කරනු ලැබීය.

ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යාංශයේදී  පැවති මාධ්‍ය හමුවකදීය. ඒ සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණි.

එය 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් දැක්වේ. ඒ අනුව ඔක්තෝම්බර් 01 දා සිට 15 වනදා දක්වාද ඔක්තෝම්බර් 16  සිට 31 වනදා දක්වාද එම මාර්ගෝපදේශ දැක්වේ.

මෙම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වේ.[googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/09/රට-විවෘත-කිරීම-සඳහා-වන-මාර්ගෝපදේශ-මාලාව.pdf” ]