ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය.
පොදු දේපළ පනත ඇප පනතට අදාළ වීම සහ නොවීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දෙකට එක වශයෙන් බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කළත් බෙදුණු තීන්දු දෙකෙන්ම විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියම කර තිබිණි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමතරව මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන, චිත්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන්ය.
මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය ඉදිරිපත් වුයේ නැති අතර ඔවුන් විදේශගතව සැඟවී සිටින බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.
මෙම නඩුව ලබන 23 වැනිදා යළි කැවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කෙරිණි.
දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග විය.