නාගරික සංවර්ධන අධිකාරිය වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනමින් යාවත්කාලීන කරන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
වර්තමානයට ගැලපෙන පරිදි මෙම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන විය යුතු බව අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.
2024 – 2026 දෙවසර ඇතුලත සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ අතරට මහනගර සභා 6ක්, නගර සභා 14ක්, ප්‍රාදේශීය සභා 46ක් ඇතුළත් යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.