රජයේ සේවකයන් සඳහා රජය විසින් යෝජිත වැටුප් වැඩි කිරීම සහ ඉහළ දැමූ ජීවන වියදම් දීමනාව ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට, විශේෂයෙන් තැපැල් ඡන්දයට බලපාන්නේද යන්න තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ විමර්ශනයට ලක්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක පැවසීය.
“රජයේ සෑම ක්‍රියාවක්ම අපි නතර කරන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණයට බලපෑමක් තියෙනවා නම් අපි ඒක නවත්වනවා. ඒක කරන හැටි අපි එදාට උපදෙස් දෙනවා.” යැයි ද මැකො සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ඊයේ (22) රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ 2025 ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයින් සඳහා පහළ ශ්‍රේණි සඳහා සියයට 24 සිට සියයට 35 දක්වා සහ ඉහළ තනතුරු සඳහා සියයට 24 සිට සියයට 35 දක්වා මූලික වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. එසේම ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරන බවද ඔහු පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා නිකුත් කළ නිවේදනයකට අනුව 2024 ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 712,321 කි.