‘රැවුල කපන්නේ කෝටියක මැණිකක් ලැබුණොත් විතරයි‘

‘රැවුල කපන්නේ කෝටියක මැණිකක් ලැබුණොත් විතරයි‘
Spread the love

මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරිඅම්මා උල්පතට  බාර  වෙනකොට ඒවා ඉටු වෙනවා කියල මම උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට .  මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා හැබැයි ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ  ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා

තනි හවුලකින් රුපියල් කෝටියක මැණික් ගලක් හමුවෙන තුරු  සිය රැවුල නොකපා සිටිමේ තීරණයකට එළඹී පතල් කර්මාන්ත කම්කරුවෙකු පිළිබඳ පුවතක් මාතලේ ලග්ගල ප්‍රදේශයෙන්  වාර්තා විය.

ලග්ගල හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචි ජි. එච්. ජයදාස (45) මහතා මෙම  තීරණයට එළැඹ වසරක පමණ කාලයක් ගතවී තවමත් දිවා රාත්‍රී වෙහෙසෙමින් තම සිහිනය සැබෑ කර ගැනීම ගැනීම සඳහා ලග්ගල මහ පොළොව සමඟ ගැටෙමින් නිල් මැණික් සෙවීමේ කටයුතුවල නිරතව සිටී.

මෙම අධිෂ්ඨානය  සහිත සිටින පතල් කම්කරුවා මීට වසර ගණනාවක්ට ඉහත ද මේ ආකාරයෙන්ම කිරි අම්මා උල්පතට භාරයක් වී රුපියල් කෝටියක මැණික් ගලක් හමුවන තුරු තම රැවුල කැපීම සිදු නො නොකර සිටියේය.

‘ වසර කිහිපයක් ගත වෙද්දී මගේ අරමුණු ඉටු කර ගැනීමට හැකි වුණා’ ජයදාස මහතා සඳහන් කර සිටියේය.

‘මගේ දැන් අරමුණ ටිකක් වෙනස්. මම මේ පාර සැලසුම්කර අපේ ගම් ප්‍රදේශයේ නිවාස අහිමි අසරණ පවුල් දෙකකට නිවාස දෙකක් තනා දීමයි. ඒ සඳහා රුපියල් කෝටියක තනි හවුලක් මැණික් ගල්ක් ලැබෙනතුරු රැවුල නොකපා මම මැණික ගරනවා’

තම උත්සාහය පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජයදාස මහතා මෙසේද පැවසුවේය.

” මම අවුරුදු දහයේ  ඉඳලා තමයි පතල් බැස්සේ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා කූඩ උස්ස ගන්නවත් බැරි කාලේ ඉඳල මේ රස්සාව තමයි කළේ. ඉගෙන ගන්නත් බැරි වුණේ පතල් හින්දා. පුංචි කාලේ ඉඳලා කරපු රස්සාවට ආදරෙයි. මේ වනකොට කොච්චර පතල් ප්‍රමාණයක් කපල තියෙනවද කියලා මතකයක් නෑ අත්වල කකුල්වල කරගැට නම් ඕනෑ තරම් තියෙනවා මැණික් ගල් වලට වැඩිය.”

“මම පසුගිය වසර කීපයකට ඉස්සරලා රැවුල වවලා ප්‍රාර්ථනාවක් කලා මම කවදාහරි රැවුල කපන්නේ රුපියල් කෝටියක මැණික් හවුලක් මට ලැබිලා මගේ දරුවන්ට බිරිඳට ඉන්න නිවසක් හදන්න මුල්ගල තියෙනකං රැවුල කපන්නේ නෑ කියලා. වසර කිහිපයක් ගත වෙලා යද්දී මට බලා බලාපොරොත්තු ඉටුකර කරගන්න පුළුවන් වුණා “

ලක්ගල පැත්තෙම තියෙන කිරි අම්මා උල්පත ට ගිහිල්ලා මම බාරයක් වුණා නැවත වරක් මම රැවුල් කැපීම නවත්වනව කියල කවදාහරි මේ පතල් වලින් මට රුපියල් කෝටියක මැණික් හවුලක් ලැබෙනකම් මම රැවුල කපන්නේ නැහැ .එහෙම මුදල ලැබුණොත් මම කරන්නේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙන එක

“එදා මගේ අලුත් ගෙදරට මුල්ගල තියෙන දවසේ මම අඩියක්ට වඩා වැඩුණු රැවුල  කැපුවා මගේ බිරිඳ තවමත් ඒ රැවුල් ගස් ආරක්ෂා කරලා තියෙනවා

එදා ඉදල  පුංචි පුංචි වාසි ලැබුණා ඒවගෙන් තමයි දරුවෝ ජීවත් කරවන්නේ හැබැයි ලොකු වාසියක් අපට ලැබුණේ නැහැ අපි අමාරුවෙන් හරි මහපොළොවට පින් සිද්ධ වෙන්ඩ ගේදොර හදාගත්තා හැබැයි  ගේදොර  හදාගත්තෙ නැති අසරණ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා මම  කල්පනා කළා මේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙනවා කියලා.”

“ලක්ගල පැත්තෙම තියෙන කිරි අම්මා උල්පත ට ගිහිල්ලා මම බාරයක් වුණා නැවත වරක් මම රැවුල් කැපීම නවත්වනව කියල කවදාහරි මේ පතල් වලින් මට රුපියල් කෝටියක මැණික් හවුලක් ලැබෙනකම් මම රැවුල කපන්නේ නැහැ .එහෙම මුදල ලැබුණොත් මම කරන්නේ අසරණ පවුල් දෙකකට ගෙවල් දෙකක් හදලා දෙන එක.”

“මට ලොකු විශ්වාසයක් තියෙනවා කිරිඅම්මා උල්පතට  බාර  වෙනකොට ඒවා ඉටු වෙනවා කියල මම උදේ දවල් රෑ මහන්සි වෙන්නේ ඒ අරමුණට .  මිනිස්සු කියලා තියෙනවා අපි අහලා තියෙනවා එකම අරමුණක හිටියහම ඒක සාර්ථක වෙනවා කියලා හැබැයි ඇඳ උඩ නිදාගෙන හිටියට අරමුණු සාර්ථක වෙන්නේ නැහැ  ඒ නිසා උදේ දවල් රෑ මහන්සි වෙන්න ඕන මහන්සියේ ප්‍රතිඵල අපට ලැබෙනවා.”

“උදේ පාන්දර පතල් රස්සාවට එන අපි නැවත රෑ වෙලා තමයි ගෙදර යන්නේ මුළු ඇඟ පත  සියල්ල රිදෙනවා ඒත් ඉතින් දැන් ඒවා හුරු වෙලා වෙන රස්සාවක් කරන්න බැරි තරම් මොකද ඒ තරම්ම අපි මේ රස්සාවට කැමතියි .”

“මහපොළොව කියන්නේ අපට අම්මා වගේ හැම දුකක්ම ඉවසලා ඉවසලා ඉන්නවා අපිව ජීවත් කරවන්න අපේ බලා බලාපොරොත්තු ඉටු කරන්න මහපොළොව අම්මා නිල් මැණික් ගල්ක් දෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා විශ්වාසය මත මම තවදුරටත් ජීවත් වෙනවා මේ වගේ බලාපොරොත්තුව ඉටු වෙච්ච දවසට රැවුල කපන කොට මම ඔයාලටත් කියන්නම් එන්න කියලා.”

සටහන – කාංචන කුමාර ආරියදාස (දඹුල්ල)