ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය හඳුන්වාදෙයි

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය  හඳුන්වාදෙයි
Spread the love

තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය  (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම අද (19) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය.

හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ  Technolagies ආයතන ත්‍රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙයි.

මෙම නව smart මුව ආවරණයේ ඇති සුවිශේෂිතා මෙසේය.

  • BreathTech – S 3  යනු ස්වාභාවිකව දිරාපත්වන සෙලියුලෝස් මත පදනම් වූ අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කරන ලද Smart සංවේදකයක් සහිත මුව ආවරණයකි.
  • නව තාක්ෂණය මුසු දේශීය නිෂ්පාදනයක් වන මෙහි ඇති proprietary graphene sensor සංවේදකය හරහා හුස්ම ගැනීනම් වේගය, එය ශරීරය සමඟ සම්බන්ධවී ඇති ආකාරය සහ CO2 එක්රැස්ව ඇති ප්‍රමාණය ගණනය කරන අතර, අවදානම් තත්වයකට ළඟා වේ නම් ඒ සම්බන්ධයෙන් ජංගම දුරකතනයට ඇතුළු කළ හැකි App එකක් වෙත දැනුම් දීම සිදු කරනු ලබයි.
  • ශ්වසන සංවේදක තාක්ෂණය ඇතුළත් කර තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ නිපදවන ලද Breathtech – S³ ලොව ප්‍රථම Smart මුව ආවරණය මෙයයි.
  • BreathTech – S³ පැළඳ සිටින පුද්ගලයාගේ ශ්වසන වේගය නිරීක්ෂණය කරන අතර එම පුද්ගලයාගේ මුහුණට නිසි ආකාරයෙන් සවිව අවම කාන්දුවක් ඇතිවන බවට fit assessment තාක්ෂණය හරහා තත්කාලීනව නිරීක්ෂණය කරයි.
  •  BreathTech – S 3 හි සංවේදක අමුද්‍රව්‍ය (සංවේදක මූලද්‍රව්‍ය) ප්‍රශ්වාස වාතයේ ඇති සංඝටක සමඟ ප්‍රතික්‍රියා කිරීම තුළින් එහි විද්‍යුත් සන්නායක ගුණය වෙනස් කරයි.
  • එම වෙනස්වීම් සංවේදකයේ සන්නිවේදන මොඩියුලයේ ඇති විද්‍යුත් පරිපරිපථය මඟින් හදුනාගන්නා අතර එය Bluetooth හරහා ජංගම දුරකතනයේ ඇති විශේෂිත යෙදුම (App) වෙත ලබා දේ.
  • ඉන් අනතුරුව ඒ තොරතුරු එම යෙදුම  (App) සතුව ඇති අති නවීන තාක්ෂණයේ තොරතුරු සකස් කිරීමේ  machine learning algorithms හරහා තේරුම්ගෙන පරිශීලකයාට ලබාදීමට කටයුතු කරයි.
  •  BreathTech – S 3 හි පෙරන ස්ථරය සංතෘප්තවීම නිසා මුව ආවරණය ලිහිල්වීම ගැන දැනුවත් කිරීමේ හැකියාව පවතී.
  • එමෙන්ම මුව ආවරණය තුළ ඇති සංවේදකය තුළින් ඒ තුළ CO2 එක්රැස්වීම නිරීක්ෂණය කරන අතර, පළඳින පුද්ගලයාට අළුත් හුස්ම ගත යුතු අවස්ථාව දැනුම් දීමට ද එයට හැකියාව පවතී.
  • BreathTech – S 3 හි විලාසිතානුකූල නිමැවුම සහ සුමට සැකැස්ම හේතුවෙන් එය විලාසිතානුකූල සහ සුවපහසු උසස් තාක්ෂණයෙන් යුතු මුව ආවරණයක් වන අතර එමගින් පළඳින පුද්ගලයාගේ ආරක්ෂාව තහවුරුවීම සිදුවේ.
  • මේ සඳහා අතිනවීන සහ අනන්‍ය සංවේදකය නිර්මාණය කිරීමට SLINTEC ආයතනයේ විද්‍යාඥයන් විසින් වසර ගණනාවක පර්යේෂණ කටයුතු හරහා ශ්‍රී ලංකාවේ මිනිරන් භාවිතා කර නිපදවන ලද මුද්‍රණය කළ හැකි Graphene යොදා සිදුකරන ඉතාමත් සංවේදී සහ අඩු පිරිවැයක් සහිත සංවේදක නිෂ්පාදන තාක්ෂණයක් භාවිතා කරනු ලබයි.
  • 100% සෙලියුලෝස් සහ දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙය පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදනයක් වන අතර එහි යෙදුම (App) තුළ මෙම මුව ආවරණය නිසි පරිදි වගකීම්සහගතව බැහැර කිරීමට අදාළ උපදදෙස් ද ඇතුළත් වේ.
  • පරිසර හිතකාමී කර්මාන්තශාලා තුළ නිපදවන මෙම පරිසර හිතකාමී Smart මුව ආවරණයේ ඇසුරුම් ස්වාභාවිකව දිරාපත්වන ලෙස සකස් කර තිබීමෙන්  මුව ආවරණ  හේතුවෙන් පරිසරයට එක්රැස් වන කසල ප්‍රමාණය අවම කළ හැකියි. 
  • මේ තුළ ඉහළ කාර්යාක්ෂමතාවකින් යුත් පෙරහන් ස්ථරයක් අඩංගුවන අතර, වැඩි ආරක්ෂාව සඳහා බැක්ටීරියා විනාශ කරන තරල අඩංගු ස්ථරයක් ද  ඇතුළත් වේ.
  • BreathTech-S³, තත්කාලීන fit assessment හරහා කුඩා අංශු සහ බිඳිති වලට නිරාවරණය වීම අවම කරන අතරම කාන්දු වීම වැළැක්වීම හරහා වැඩි ආරක්ෂාවක් ලබාදෙයි.
  • මෙම අති නවීන Smart මුඛාවරණය 2021 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට  සහභාගී වන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලබාදීමට SLINTEC,, Hirdaramani සමූහය සහ CirQ Technologies ආයතන කටයුතු කර තිබේ.