මිල කළ නොහැකි මැණික් 3ක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රැගෙන ගිහින්! (වීඩියෝ)

මිල කළ නොහැකි මැණික් 3ක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රැගෙන ගිහින්! (වීඩියෝ)
Spread the love

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබු මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන ගොස් තිබේ.

කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුුවීමට පසුගිය දා තීරණය විය.

ඒ එම අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙනි.

එම අධිකාරිය මේ වන විට නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ ස්ථාපිත කෙරෙමින් පවතී.

එතෙක් එම අධිකාරිය සතුව තිබු ලොව වටිනාම මිල කළ නොහැකි බව පැවසෙන මැණික් 3ක් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අද විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ල වෙත රැගෙන ගියේය.

උපුටා ගැනිම: අද දෙරණ