ලෝ ප්‍රකට Carry On Camping බිකිනියට‘ වසර 51කට පසු ලක්ෂ 19ක්

ලෝ ප්‍රකට Carry On Camping බිකිනියට‘ වසර 51කට පසු ලක්ෂ 19ක්
Spread the love

බාබරා වින්ඩ්සර් 1960 ගණන්වල Carry On චිත්‍රපටවල පෙනී සිටීමට පටන් ගත්තේය

පරණ ඇදුමක මිල කීයක් විය හැකිද ? ඒක බිකිනියක් – bikini නම් ! හිතා ගන්න බැහැ නේද ? ඒත් ජනප්‍රිය පුද්ගලයින්ගේ, ඇතැම් සුවිශේෂ සිදුවීම්වල සම්බන්ධ හැම දේකටම ඉහළ මිලක් තිබෙනවා. ඇතැම් විට ඒකට නියම වන මිල ඔබට හිතා ගන්නවත් බැහැ. ඒ නිසාම ඒක ජාත්‍යන්තර පුවතක් බවට පත් වෙනවා. මේ එවැනි බිකිනියක් ගැන විස්මිත කතාවක්.

ඩේම් බාබරා වින්ඩ්සර්  Dame Barbara Windsor කියන්නේ 1960 දශකයේ ලෝකයේ සිටි සුපිරිම නිළියක්. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට ඒ යුගයේ අතිෂය ජනප්‍රිය වුණා. මේ අතර බාබරා 1969 දී කැරී ඔන් කැම්පිං – Carry On Camping චිත්‍රපටයේ රගපෑවා. එය අතිෂයින් ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වුණා. එම සුපිරි චිත්‍රපටයේදී බාබරා පැළඳ සිටි බිකිනි පසුගිය දා වෙන්දේසියට ඉදිරිපත් වුණා. ! එහිදී එම බිනිකි ඩොලර් 9500කට, ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 19කට අලෙවි වුණා.

දුරකථන සහ මාර්ගගත ගැනුම්කරුවන් අතර ලංසු තැබීමෙන් පසුව මෙම භාණ්ඩය ඇමරිකානු ගැනුම්කරුවෙකුට විකුණනා තිබෙනවා. ඔහු කවුරුන්දැයි හෙළි වී නැහැ.

මේ බිකිනිය අතිෂය ජනප්‍රිය වුණේ කිසිවක් නිසා නොවෙයි. Carry On Camping චිත්‍රපටයේ බාබරා ව්‍යායාම පංතියක් මධ්‍යයේ ඇගේ බිකිනි ඉහළට විසිකරන දර්ශනය ප්‍රසිද්ධ වීම නිසයි. මෙම දර්ශනය වඩාත් නිවැරදිව ගැනීමට එය තෙවරක් යළි යළි රූගත කිරීමට සිදු වුණා.

මෙම බිකිනිය ඇතුළු බාබරාගේ භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම ඇල්සයිමර් සංගමයට පරිත්‍යාග කරන බවයි වාර්තා වන්නේ. ඊට හේතුව වන්නේ වසර 83ක් ආයු වැළදා බාබරා පසුගිය දෙසැම්බර්යේ මිය ගියේ ඇල්සයිමර් රෝගයෙන් වීමයි.

කැරී ඔන් කැම්පිං හි දර්ශනයේ ඡායාරූපයක් ඇගේ භාණ්ඩ වෙන්දේසියට ඇතුළත් කර ඇති අතර ඒ ඇයගේ සුප්‍රසිද්ධ උපුටා දැක්වීමත් සමඟයි. “එම පින්තූරය අවසානය දක්වා මා අනුගමනය කරනු ඇත.”

කැරි ඔන් කැම්පිං හි බාබරා වින්ඩ්සර් විසින් පැළඳ සිටින බිකිනි
කපු තුවා බිකිනි සඳහා ඩොලර් 800 ත් 1,200 ත් අතර මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළා.

මෙම වෙන්දේසිය ගැන ඩේම් බාබරාගේ ස්වාමිපුරුෂයා වන ස්කොට් මිචෙල් මෙසේ පැවසුවා : “එම ප්‍රසිද්ධ දර්ශනයට සම්බන්ධ ඕනෑම අයිතමයක් ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අයට උපකාර කිරීම සඳහා මුදල් රැස්කරනු පිණිස යෙදවීමයි ඇයගේ අපේක්ෂාව වුණේ. එය ඇයට කරන ගෞරවයක් ‘‘

ප්‍රසිද්ධ කැරි ඔන් සීන් අතරතුර බාබරා වින්ඩ්සර්
ඩේම් බාබරා පෙනී සිටියේ කැරී ඔන් චිත්‍රපට නවයක පමණි

වෙන්දේසිකරු කෙරී ටේලර් මෙසේ පැවසුවා “කැරි ඔන් චිත්‍රපටවල රසික රසිකාවියන්ගේ සිට බාබරා වින්ඩ්සර්ට ආදරය කරන අය දක්වා මෙම බිකිනි ගැන උනන්දු වෙනවා. ඒ සමග ඇයගේ හාස්‍යය පිළිබඳ හැඟීම සහ සුපිරි රංගන හැකියාව කිසිදා අමතක කළ නොහැකියි. ඇය සැබෑ වෘත්තිකයෙක්. රූගත කිරීම් අතරතුරදී ඇයට මෙතරම් අපහසුතාවයක් ඇති කළ බිකිනියක් දැන් එතරම් හොඳ අරමුණක් කරා ගමන් කරාවි”

ඇල්සයිමර් සමිතියේ ප්‍රධාන විධායක කේට් ලී මෙසේ පැවසීය: “ඩේම් බාබරා වින්ඩ්සර් ඇගේ ඩිමෙන්ශියා රෝගය ගැන කතා කරන විට බොහෝ දෙනෙකුට ආස්වාදයක් ලබා දුන්නා. ඇය සහ ඇගේ සැමියා ස්කොට්ගේ නොසැලෙන සහයෝගය අපිට නිතර හිමි වුණා.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තුෂාධවි