වද කොත්තු, වද යටඇදුම් වගේ ඉදිරියේ කරලියට එන අලුත් උපායක් ගැන ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!

වද කොත්තු, වද යටඇදුම් වගේ ඉදිරියේ කරලියට එන අලුත් උපායක් ගැන ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!
Spread the love

රටේ තරුණ තරුණියන්ට ඊශ්‍රායල රැකියා අවස්ථා හිමිවන විට, එරට සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර කරන ලෙසට පාර්ලිමේන්තුවට ඇතැම් දේශපාලඥයින් යෝජනා කරන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් වන තරුණයින් රජයේ රස්සාවට, ටකරම් කොලයට හෝ වැසිකිලි වලට රවටා ගැනීමට නොහැකි නිසා බවත්, එදා වද යට ඇදුම්, වද කොත්තු පෙන්වා ජාතිවාදී ලෙස ඡන්දය ලබාගත් ආකාරයට මෙදා මුස්ලිම් ජනතාව රවටා ඡන්දය ලබාගැනීමට මොවුන් කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එදා ආර්ථික ඝාතකයින් ලෙස නම් පටබැදුන මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර අද නිදහසේ සිටින බවත්, දේශපාලඥයින් පමණක් ප්‍රශ්ණවලට මුහුණදෙන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංක්‍රමණිකයින් පිළිබදව වන ජාත්‍යන්තර ආයතනයේ සහාය ඇතිව ගාල්ලේදී පැවති මනුසවි දිරිය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

රට අර්බුදයට ලක්වුන අවස්ථාවේදී, තමන්ගේ ආර්මාර්ථය වෙනුවෙන් හිතලා වගකීම් භාරගන්න බැහැ කියපු අය සිටියදී කොන්ද තියෙන නායකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාරගත්තා. අද තියෙන තැනට රට අරගෙන ආවාට එතුමාට අපි කෘතවේදිත්වය පළ කරන්න ඕන.

එදා තිබුණ රට අද තිබෙන තැනට අරගෙන එන්න අපි නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කළා. නිවරදි ක්‍රමයට රටට සල්ලි එව්නන කියලා ඉල්ලුවා. විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර අරගෙන ආවා. අපි නොවැමිබර් මාසයේදී ඩොලර් මිලියන 573ක් මේ රටට ගෙනත් තියෙනවා. මේ අවුරුද්දේදී විතරක් ඩොලර් බිලියන 5.4ක මුදලක් රට ඇතුළට අරගෙන ඇවිත් තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. විදේශ ගත ශ්‍රමිකයින් හරි විදිටය රට ඇතුළට සල්ලි අරගෙන ආපු නිසා තමයි පෝලිම් නැති කරන්න පුලුවන් වුනේ. මිල වැඩි වුනත් තෙල් ටික රටට ගේනනේ මේ අය නිසා. රජයක් විදියට අපිට කෙලෙහිගුණය දක්වන්න මනුස්සකමක් තියෙන්න ඕන.

විදේශ ගත ශ්‍රමිකයින්ට තමන්ගේ කෙලෙහිගුණය ඉටු කිරීමේ වගකීමක් තියෙනවා. ගොඩක් අයට කෙලෙහිගුණ මතක නෑ. එතැනට එන්න උදව් කළ විදේශ ගත ශ්‍රමකයින් වෙනුවෙන් තමයි මනුසවි දිරිය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.

රටට වැඩියෙන්ම ඩොලර් එන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම. විදේශ ගත ශ්‍රමිකයන් රටට ඩොලර් එව්වාට, එක ඩොලරයක්වත් එළියට යන්නේ නෑ. මේ ඩොලර් ආදායම සියයට 100ක්ම රට ඇතුලේ රැදෙනවා.

එදා මිනිස් බෝම්බ ලංකාවට ගේන්න එපා කියලා, හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑවා. ඒ යුගය අවසන් කරලා අපි ගුවන්තොටුපොලේදී හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් හදුන්වා දුන්නා. විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ශ්‍රමිකයාට විශ්‍රාම වැටුපක් හදුන්වා දුන්නා. ගුවන්තොටුපොලේදී තීරු බදු සහනය ඉහළ දැමීමට අපි ගැසට් ගැහුවා. ඒත් ඇතැම් නිලධාරීන් නිසා ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. රටට ඩොලර් එවපු ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදුන්නා. වාහන නමසීයක් අපි ගෙන්වා තිබෙනවා. ඒ සදහා වන කාලය දිර්ඝ කිරීමට ජනාධිපතිතුමා නියෝග කළත් ඇතැම් නිලධාරීන් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ ඔවුන් කෙලෙහිගුණ දන්නේ නැති නිසා.

මේ රට කඩාගෙන වැටුන එකට පී.බී.ජයසුන්දරට ආර්ථික ඝාතකයා කියලා කිව්වා. විමල් වීරවංශ තමයි ඒක කියන්න පටන් ගත්තේ. හැබැයි එතුමා අද හොදට ඉන්නවා. උසාවියෙන් නඩු දාලා, ප්‍රශ්ණ වෙලා තියෙන්නේ කාටද? ඒ ප්‍රශ්ණ වෙලා තියෙන්නේ දේශපාලඥයින්ට. හැබැයි ඔය කියපු ආර්ථික ඝාතකයා කිසිම ප්‍රශ්ණයක් නැතිව ඉන්නවා.

මේ රට ගොඩ නගන්න නම් අපි හැමෝම එකට එකතුවෙන්න ඕන. හැමෝම රට ගොඩ නගන්න උදව් කරපු විදේශ ගත ශ්‍රමිකයින්ට අපි ව්‍යවසායකත්වය ගොඩ නගලා කෙලෙහි ගුණ සලකනවා. අපේ රටේ බදු ගෙවන ප්‍රතිශතය ඉතාම අඩුයි. සේවක භාරකාර අරමුදල් ගෙවන පිරිස ඉතාම අඩුයි. ඒ කියන්නේ රටේ ව්‍යවසායකයෝ ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. රටක් දියුණු වෙන්න ඕන නම් ව්‍යවසායකයින්ගේ සංඛ්‍යාව ඉහළ දාගන්න ඕන.

88- – 89 කාලයේදී කොරියාව ආර්ථික වශයෙන් කඩාගෙන වැටුනා. ඒ රටේ ජනතාව රස්සා හොයාගෙන මැදපෙරදිග රටවලට ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න ඕන තැනට ගියා. පිටරටවලට ගියපු අය මූලික ධනයක් අරගෙන ඇවිත් තමන්ගේ රටට ආවා. ධනයත් එක්ක දැනුම අරගෙන ආවා. ඇවිත් නිෂ්පාදන ආරම්භ කළා. අද කොරියාව මහා විශාල කර්මාන්ත පුරයක් බවට පත් වෙලා තියෙන්නේ විදේශ රටවලට ගිය අය තමන්ගේ රටට ඇවිත් ආරම්භ කළ ව්‍යාපාරවලින්.

කොරියාවු අවුරුදු 30කට කලින් මුහුණ දුන්න වගේ තත්වයකට තමයි ලංකාව අද මුහුණ දෙන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව ව්‍යවසායකත්වය වැඩි කිරීම සදහා කටයුතු කරන්නේ. ඵලදායිතා ලේකම් කාර්යාලය හරහා හැම ඵලදායිතා නිලධාරියෙක්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම එක ව්‍යවසායකයෙක් නිර්මාණය කිරීමේ වැඩකටයුත්ත සිදුවෙනවා. ගාල්ලේ දිසාපතිතුමා දිස්ත්‍රික්කය ඇතුලේ ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට කටයුතු කරමින් යනවා. දේශපාලන මත පැත්තකට දාලා රට ගොඩ නැගීමට එකතුවෙලා වැඩ කරන්න ඕන. ආර්ථික ඝාතකයෝ නොවී ආර්ථිකයකට ශක්තියක් වන නිලධාරීනුත් අපිට ඉන්නවා. ඒක සතුටුයි. ඒ අය එක්ක මේ රට ගොඩ නගන්න පුලුවන්.

හයිවේ එකේ මම එනකොට ටිකට් එකෙ දුන්නේ තරුණයෙක්. මේ අය බදවා ගන්න විට ගණිතය, විද්‍යාව, සිංහල විශිෂ්ඨ සාමාර්ථ ඉල්ලුවා. වැඩ අටම සමත් වෙලා උසස් පෙළ සමත්වෙන්න ඕන කිව්වා. ටිකට් එකක් කඩලා මාරු සල්ලි දෙන්න මේ තරම් සුදුසුකම් තියෙන අය අවශ්‍යද? රාජ්‍ය සේවයට දාහත් ලක්ෂයක් බදවා ගන්නම් ඒවාට ඉඩ දුන්නේ දේශපාලඥයින් විතරද? ඒවට අනුමැතිය දීලා අත්සන් ගැහුවේ කවුද? දැන් මේ ආකාරයට බදවා ගනිපු තරුණයෝ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලලා විරෝධතා කරනවා. මේ අය හොද රස්සාවක් කරලා රජයේ රැකියාවලට ආවේ. වෙන රටවල අවුරුදු හතලිහ හතලිස් පහ පැනපු අය තමයි ටිකට් කවුන්ටරවලට දාලා ඉන්නේ. හැබැයි අපේ රටේ තරුණයෝ තමයි මේවාට දැම්මේ. මේවා කළේ දේශපාලඥයින් කියලා වරදවා හිතන්න එපා. මේවා වෙනස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව තියෙනවා. රාජ්‍ය සේවකයින් ලක්ෂ දාහතක් වෙනකම් බදවා ගත්තේ ඔය මුදල් අමාත්‍යාංශයේ තියෙන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අරගෙන තමයි. අද මේ අපේ මානව සම්පත නිවරදි ලෙස කළමනාකරණය නොකිරීමේ සම්පූර් වගකීම, ශ්‍රම සම්පත විනාශ කිරීමේ වගකීම උපන්දා සිට එම ආයතනවල ඉන්න නිලධාරීන් භාරගන්න ඕන. හැබැයි කාගේ ගෙවල්ද ගිනි තියන්නේ? කාටද බනින්නේ? දේශපාලඥයින්ට. මේ ක්‍රමය රට වෙනුවෙන් වෙනස් කරගන්න ඕන වෙලාව ඇවිත් තියෙන්නේ.