වැඩිහිටියන් එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් සහාය වීමට ‘තරුණයින් ප්‍රජාවට අවස්ථාව‘

වැඩිහිටියන් එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් සහාය වීමට ‘තරුණයින් ප්‍රජාවට අවස්ථාව‘
Spread the love

මෙතෙක් එන්නත නොගත් දෙමාපිය, වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණයට රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රටේ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි.

මෙතෙක් එන්නත් නොකළ දෙමාපියන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට මෙරට යෞවන සමාජ ව්‍යාපාරය ප්‍රමුඛ තරුණ සංවිධාන නියෝජනය කරන තරුණ තරුණියන්ට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡාකොට එම සෞඛ්‍ය නිලධාරින් වැඩිහිටියන් හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින නිවස්වලට ගොස් එන්නත්කරණය සාර්ථකව අවසන් කිරීමට රජයට  සහය වන්නැයි ද අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

මෙතෙක් එන්නත් නොකළ දෙමාපිය, වැඩිහිටි හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට එන්නත් ලබාදීම කඩිනම් කිරීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (18) දින මේ බව සඳහන් කළේය.

එහි දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

එන්නත්කරණ වැඩසටහන ඉතාමත් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වෙනවා. මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද සියලුම එන්නත් අපේ රටට ගෙන එන්න අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවෙලා තියෙනවා. සියලුම එන්නත් කිරීමේ වැඩසටහන් මේ වනවිට දීප ව්‍යාප්තව සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ඒ අතර අපි දන්නවා තවමත් එන්නත්කරණය කරගන්න බැරිවුණ දෙමව්පියො ඉන්නවා නම් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්නත්කරණය කරන මධ්‍යස්ථානවලට ඇවිල්ලා එන්නත ලබාගන්න.

ඒ වගේම නිවෙස්වල වැඩිහිටියො ඉන්නවා නම් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයො ඉන්නවා නම් එන්නත්කරණය සඳහා මෙතෙක් පැමිණීමට නොහැකි වුණ අයට අපි ආරාධනා කරනවා මේ රටේ තරුණ පරම්පරාවට විශේෂයෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයට, තරුණ සංවිධානය මේ අයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වෙලා මේ වැඩිහිටියන්ට, දෙමාපියන්ව එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන එන්න.

අතිගරු ජනාධිපතිතුමාගෙත් ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ එක්ක සාකච්ඡාකොට ඒ සෞඛ්‍ය නිලධාරින් අවශ්‍ය තැන්වල නිවස්වලට හෝ රැගෙන ගොස් එන්නත්කරණ සාර්ථකව අවසන් කරන්න අපට දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.

ඒ අනුව මේ රටේ තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නෙ ඔබ ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙන්න. ඔබේ ප්‍රදේශයේ වැඩිහිටියන්, දෙමාපියන් සැමගේ ජීවිත ආරක්ෂා කරන්න. මේ එන්නත්කරණය තවත් සාර්ථක කරගන්න ඒ අයව එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන එන්නත්, මධ්‍යස්ථාන වෙත පැමිණිය නොහැකි අයවලුන්ගේ නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසත් අමාත්‍යතුමා පැවසීය.