විපක්ෂයට ජීවිකාව අහිමිවෙයි..! කුමන්ත්‍රණ පරාදයි..! ජනපති රනිල්ගේ නායකත්වයෙන් ලංකාව දෙවැනි කඩඉමත් පනී..! මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකයත් නිදහස් කරයි..!

විපක්ෂයට ජීවිකාව අහිමිවෙයි..! කුමන්ත්‍රණ පරාදයි..! ජනපති රනිල්ගේ නායකත්වයෙන් ලංකාව දෙවැනි කඩඉමත් පනී..! මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකයත් නිදහස් කරයි..!
Spread the love

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ දෙවැනි වාරිකය වහාම නිදහස් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර තිබේ.

ඊයේ පැවති එම අරමුදලේ විධායක කමිටුව විසින් මෙන්ම අනුමැතිය ලබා දී ඇත.

එය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට කිරීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේ පැව.ි විධායක කමිටුවේදී ‍අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය.

ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවැනි වාරිකය ලබාදීමට අනුමැතිය ලබාදෙන බවත් කමිටුව සඳහන් කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ශ්‍රි ලංකාවට අනුමත වීමත් සමගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තම ජීවිකාව ලෙස සිදු කරන පරදේෂක්කාර පිරිස් වල උවමනාව මත රට අරාජික කර ඒ හරහා අරමුදල් සහ බලය ලබාගැනීමේ කුමන්ත්‍රණ සිදුකිරීමේ ක්‍රියාවලියට මරු පහරක් එල්ල වී ඇති බව අපට වාර්තා වේ.

ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කරමින් එදින සම්මත කිරීමට තිබූ පනත කල් දමමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබූ අවස්ථාව අවහිර කිරීමට පටු දේශපාලන වාසි ලබා ගැනීමට මාන දරන විපක්ෂයේ බලවේග දැරූ සියලු උත්සාහයන් පරාජය කරමින් වර්තමාන ජනාධිපති රන් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ අනුමත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගත් තීන්දුවත් සමඟ විපක්ෂයට තම ජීවිකාව අහිමි වී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.