විපක්ෂයේම කාලය කන කාවෙක් ගැන ජවිපෙ ජනපති රනිල්ට කියු කතාව..!

විපක්ෂයේම කාලය කන කාවෙක් ගැන ජවිපෙ ජනපති රනිල්ට කියු කතාව..!
Spread the love

වැට් විවාදය ඝණපූර්ණය නැතිව ඇදවැටීම ආණ්ඩුවේ පසුබෑමකි. ලොකුවට දේශන දෙන ආණ්ඩුවේ ප්‍රධාන දෙදෙනා එහි චූදිතයන් වුවද පෙරලුනු පිට මත ගේම් ගහන ජනපතිට එය ගැටලුවක් නොවීය. කපටි නරියාගේ සටකපටකම් තුළ එය පසුදා දිනීම විපක්ෂයේ හා ඊට පස්ස හැරවූ ආණ්ඩුවේ දෙතුන් දෙනාගේ ද පරාජයකි. එම ඡන්ද මග හැරි ආණ්ඩුවේ කුමාරවරුa ජය සමරූ කනබොන රෑ පාටි වලට පැමිණීම විපක්ෂයේ ප්‍රහාරයට ද ලක් විය.

ජනපති රනිල් බිලී පිත්තක් රැගෙන පසුගියදා විපක්ෂයේ ලොබියට ගියේය. මද්දුමබණ්ඩාර කබීර් හර්ෂ ට කතාකරන අතරේ අනුර දිසානායක අසලින් ගියේය.

“මම ඔයාගෙ කතාව අහන්න ආවේ” රනිල් කීය.

“මුළු විපක්ෂය වෙනුවෙන්ම කතා කරන්න කෙනෙක් ඉන්නවා..එයා අපේ වෙලාවත් අරන් කතා කරනවා” අනුර කියාගෙන ගියේ කාගේත් සිනාමැදය.

“එහෙනම් එයා උතුරු කොරියාවට යවමු. එහෙත් තකා කරන්නෙ එක්කෙනයි නේ” රනිල් සජිත් මෙන්ම උ: කොරියාව ආදර්ශයට ගන්නා ජවිපෙ අනුර ද එක මිටට ගෙන පොළොවේ ගැසුවේය.

“විපක්ෂයට කතා කරන්න වෙලාව නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්” මෛත්‍රී “හිටං” කීවේ ද එහෙමය.

සජබ පිරිසක් සමග රනිල් ලොබියේ ඩීල්දාන බව ට ඔත්තු ලැබුණු සජිත් ද එහි ආවේය.

“ඔබ ගැනයි මෙතන කතා කළේ” අයෙක් කීය.

“මම ජනතාව වෙනුවෙන් විපක්ෂයේ වගකීම ඉටු කරනවා” සජිත් කීය.

“ඒ වුණාට ඔයාගෙ ආණ්ඩුවේ මුදල් ඇමති ගොඩහේවා නේද” කපටි නරියා කළුගල් පදාස පවා පුපුරණ ඩයිනමයිට් එකක් පිපිරෙව්වේය.

“නෑ නෑ ඇමතිකම් තීන්දු කරල නෑ” යයි කී සජිත් ලිස්සා ගියේය.

මූලාශ්‍රය ජනපති ඊ කොලම – මහින්ද ජයතු ංග