විවාද දෙකටම මාලිමාව බෑ කියයි… දැන් පරක්කුයිලු..

විවාද දෙකටම මාලිමාව බෑ කියයි… දැන් පරක්කුයිලු..
Spread the love

මැයි මස 20 වැනිදායින් පසු සමගි ජන බලවේගය සමග විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය සඳහන් කරන ලද බව අද පුවත්පත වාර්තා කරයි.

සමගි ජන බලවේගය පක්ෂයට පෙර දැනුම් දුන් පරිදි මෙම 20 වැනිදාට ප‍්‍රථම විවාදය පැවැත්වීමට නොහැකිවීම මත එම තීරණය ගත් බවද එම පක්ෂය පවසා ඇත.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් විවාද සඳහා දින හතර බැගින් නම්කර ලබාදී ඇතත් ඊට ද එකඟ නොවන බව එම පක්ෂය කියා සිටී.

සමගි ජන බලවේග විසින් යෝජනා කර තිබුණේ පළමුව ආර්ථික කමිටු විවාදය පවත්වා දෙවනුව නායකයන් අතර විවාදය පැවැත්වීමටයි.

නමුත් ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්නේ පළමුව නායකයන් අතර විවාදය පවත්වා ආර්ථික කමිටු විවාදය දෙවනුව පැවැත්වීමය.