2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර හිමි නොවන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි.
එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැති බවත් අවන්හල්වල වරකට රැස්වී සිටිය හැක්කේ ඒ්වායේ ධාරිතාවයෙන් 50%කට නොවැඩි පිරිසකට පමණක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.
එසේම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්නැයි ද රජය ඉල්ලා සිටින බව ද එහි දැක්වේ.